У нас вы можете посмотреть бесплатно SURAKEEMATA HO by J. A. Milton Perera или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
⋆⋆⋆ සුරැකීමට හෝ ⋆⋆⋆⋆⋆⋆ සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ ................ මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ ................ අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ පිටුපෑමට ලං වීමට බවයේ වරින් වරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ ................ අද හෝ හෙට කරුණාකොට වියලුනු දෙතොල් තෙමා දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ සෙලවීමට නොහැකිවද බාධක සුළං සැරේ එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ සුරැකීමට හෝ ................// කරුණාරත්න අබේසේකරගේ පද සංකල්පනාව, එම්. කේ. රොක්සාමිගේ සංගීත නිර්මාණය, ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ ගායනය. Lyrics: Karunarathne Abeysekara Music: M.K.Rocksamy Artist: J.A.Milton Perera එදත් අදත් එකසේ ජනප්‍රිය මෙම සුමධුර ගීතවල පද රචනය, සංගීත රචනය සහ ගායනය සඳහා නිර්මාණ දායකත්වය ලබා දුන් කලා ශිල්පීන් ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මාධ්‍යවලින් අද අසන්නට නොලැබෙන මේ සුමියුරු ගීත එදා රසවිඳි රසිකයින්ට නැවත තම මතකයන් අවදි කර ගන්නටත්, තවද පැරණි ගීත නිර්මාණයන් ගැන හදාරන්නට කැමැත්තක් ඇති නව පරපුරේ රසිකයන්ට අත්වැලක් ලෙසත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබගේ ශ්‍රවන වින්දනය සඳහා පමණක් ඉදිරිපත් කරන මෙම ගීත භාගත කිරීම, පිටපත් කිරීම හා වාණිජමය අරමුණු සදහා ඉවහල් කර ගැනීමෙන් වළකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.