У нас вы можете посмотреть бесплатно ශිව තාණ්ඩව ස්තෝත්‍රය | සිව තාණ්ඩව සිංහල අර්ථය Shiva thandava | Siva Thandawa Sinhala Meaning или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
ශිව තාණ්ඩව ස්තෝත්‍රය | Shiva thandava හෙවත් සිව තාණ්ඩව | Siva Thandawa ස්තෝත්‍රය රාවණ රජු විසින් ශිව දෙවියන් වන්දනා කිරීමට නිර්මාණය කරන ලද සංස්කෘත ස්තෝත්රයක් ලෙස අවුරුදු දහස් ගණනක් ඔස්සේ ජනප්රවාදයේ පැවතගෙන ඒ. රාවන රජුට පුෂ්පක විමානය හෙවත් දඬුමොණරය කෛලාශකූටය ට ඉහළින් පියාසර කිරීමට නොහැකි වූ නිසා රාවණ ශිව දෙවියන්ගේ වාසභවනය වන කෛලාශ පර්වතය සෙලවීම නිසා කෝපයට පත් ශිව දෙවියන් රාවණ හට දඩුවම් කළේය. ශිව දෙවියන්ගේ සමාව ලබාගැනීමට රාවනා ශිව තාන්ඩවය නිර්මාණය කර ගායනා කළේය. ස්තෝත්‍රය අසා පැහැදුණු ශිව දෙවියන් රාවණ රජු හට සමාව දී අතිශයින් බලගතු අසිපතක් වන චන්ද්‍රහාස් අසිපත රාවණ හට ප්රදානය කළ බව ජනප්‍රවාද තුලත් ඓතිහාසික සාහිත්‍ය තුළත් සඳහන් වේ. සිව තාණ්ඩව කියා සූර්ය වන්දනාවක් තිබේද? කිසිසේත්ම නැත! ශිව තාණ්ඩව යනු ශිව වන්දනාවක් නොව සුර්යා හා සොබාදහම වන්දනා කරන ස්තෝත්රයක් යයි රාවණ ඉතිහාසය නමින් මිථ්‍යාවන් ප්‍රචාරය කරනා පිරිස් විසින් මීට අවුරුදු කිහිපයකට පෙර සිට ව්‍යාජ මත ප්‍රචාරය කිරීමේදී අප විසින් ලංකාවේ පළමු වරට ශිව තාණ්ඩවයේ ගාථා එකින් එකට සිංහල අර්ථය සමාජගත කර එම මතය සාවද්‍ය මිථ්‍යාවක් බව පෙන්වා දෙන ලදී. ශිව තාණ්ඩව ස්තොත්රයේ කිසිදු තැනක සුර්යයා ගැන හෝ සොබාදහමේ වෙනස්කම් ගැන සඳහන් වන්නේ නැත. අප විසින් ශිව තාණ්ඩව ස්තොත්රයේ සත්‍ය සමාජගත කර කලක් ගතවීමෙන් පසු රාවණ ඉතිහාසය ලෙස මිථ්‍යා කතාවන් ප්‍රචාරය කරන්නන් ඔවුන් පෙර පැවසූ අසත්‍ය මතය වෙනස් කර ශිව තාණ්ඩවය හින්දුන්ගේ බවත් සිව තාණ්ඩව ලෙස වෙනත් සිංහල ස්තෝත්රයක් ඇති බවත් ප්‍රචාරය කරන ලදී. මෙයද ඉතාම සාවද්‍ය මතයක් බව " සිව තාණ්ඩව" යන්නේ අර්ථය වත් දන්නේ නම් පැහැදිලි කරගත හැකිවේ. සිව යන පදය ලංකාවේ හෝ ලෝකයේ කිසිදු භාෂාවකින් සුර්යයා හැඳින්වීමට භාවිතා කර නැත. සිව හා ශිව පද දෙකම අතීතයේ සිටම ශිව හෙවත් ඊශ්වර දෙවියන් හැඳින්වීමට සිංහල දමිළ හින්දු හා සංස්කෘත භාෂා වල යෙදී තිබේ. එය කෙසේ වෙතත් තාණ්ඩව යන්නේ අර්ථය ගාථාව/ ස්තෝත්‍රය යන්න නොවේ. තාණ්ඩව යනු ශිව දෙවියන්ගේ නර්තන ශෛලියයි. භරත කතකලි මනිපුරි ආදී නර්ථන කලාවන් ආරම්භ වී තිබෙන්නේ තාණ්ඩව නර්තනය මුල් කොටගනිමිනි. ශිව දෙවියන්ගේ තාණ්ඩව නර්තනය වර්ණනා කරන ශ්ලෝක "ශිව තාණ්ඩව ස්තෝත්ර " ලෙස හදුන්වන අතර එය කෙටි කර ශිව තාණ්ඩව ලෙස හදුන්වනු ලබනවා මිස ඕනෑම ස්තෝත්රයක් අගට තාණ්ඩව යන පදය යෙදිය නොහැක. එක් එක් දෙවිවරුන්ට අදාළ මන්තර ශ්ලෝක වලදී ඒවායේ නම අගට යෙදිය හැකි පොදු වචන තිබේ. භාවිත වෙන අරමුණ අනුව එම පොදු වචන විවිද මන්ත්‍ර ශ්ලෝක අගට යෙදිය හැකිය. ලක්ෂ්මි ගයාත්‍රි, සුර්ය ගයාත්‍රි, ඉන්ද්‍ර ගයාත්‍රි මහා ලක්ෂ්මි අශ්ටකම්, කාල බහිරව අශ්ටකම්, ගනේශ අශ්ටකම් ශ්‍රී මාතාංගි ස්තෝත්‍රම්, ශ්‍රී ශිව් තාණ්ඩව ස්තොත්රම් මහසොහොන් දිශ්ටිය, ශ්‍රී රාම දිශ්ටිය, නවනීල දිශ්ටිය මහසොහොන් අලගුව, සත් භුමිකම්පා අලගුව, අශෙටාත්ර අලගුව විදුර ගිනි රාම ශරය, වෙසමුනි ශරය මහා රැවන් දොර පෙරළුම, මරැ යක්ශ පෙරළුම, ගිනි බ්‍රාඩි පෙරළුම - එවැනි නාම කිහිපයකි. තාණ්ඩව යනු එවැනි පදයක් නොවේ. සිව තාන්ඩවය සූර්ය වන්දනාවක් යයි මිථ්‍යා මත සමාජගත කිරීම තුල සිව තාන්ඩව යන පද දෙකෙහි අර්ථයවත් නොදන්නා බව නිරුපනය වේ. තාණ්ඩව යන පදය වශවත් තාණ්ඩව මහසෙන් තාන්ඩව ආදී මෑතකාලීන විකෘත නිර්මාණ වලට යොදාගැනීම තුලද නිරුපනය වන්නේ එම නිර්මානකරුවන් හට තාණ්ඩව යන පදය පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බවයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය පිළිබඳ සම්පුර්ණ තොරතුරු සහිත ලිපිය :- https://rawanakingg.blogspot.com/2018... Shiv thandav | Siv Thandaw is the stotra made by king Rawana to please and worship Lord Shiva ( Ishwar ). When king Ravana was unable to fly over mount Kailash by the Pushpaka vimana ( Dandumonara ) he was angry and tried to move the kailashkut mountain. Then Lord shiva was angry about rawana and pushed kailash over rawana. Rawana was crushed and trapped below kailash and worshipped Lord Shiva for mercy. Rawana created and sang the Shiva thandawa to please Shiva. After listening the stotra Shiva forgave rawana and gave him a powerful sword called as Chandrahas as a boon. ~ Kundalini Yoga Sri lanka | කුණ්ඩලිනි යෝග ~ Facebook page : / kundaliniyogasrilanka Instagram : / kundaliniyogasrilanka Blog : https://rawanakingg.blogspot.com/ #shiva_thandava #siva_thandawa #ශිව_තාණ්ඩව