Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Rathana Suthraya | Original Rathana sutta 108 times | Rathana Suthraya | රතන සූත්‍රය 108 වරක් в хорошем качестве

Rathana Suthraya | Original Rathana sutta 108 times | Rathana Suthraya | රතන සූත්‍රය 108 වරක් 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Rathana Suthraya | Original Rathana sutta 108 times | Rathana Suthraya | රතන සූත්‍රය 108 වරක්

Rathana Suthraya රෝග භයක් දුර්භික්ෂ භයක් ඇති නොවනු පිණිස රතන සූත්‍රය සජ්ඣායනා කරන්න. එදා විසාලා නුවර තුන් බිය දුරුකළ මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනය. ලක්වැසි ලෝවැසි සියළු ජනතාවගේ රෝග බිය දුර්භික්ෂ බිය අමනුෂ්‍ය බිය දුරු⁣වේවා! බුදුන් දවස විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. ආහාර නොමැතිව කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. ඉවත් ‍නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් විය. එහෙයින් අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා තවතවත් මිනිසුන් මිය යන්නට විය. අධිකලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය. මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය. පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විශාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විශාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය. සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසිදු විය. ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ. මෙම සූත්‍රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්‍රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත. ඔබටත් නිවන් අවබෝධය පිණිස මෙම අර්ථ විවරණය මහෝපකාරී වේවා! ලෞකික මෙන්ම ලෝකෝත්තර ආරක්ෂාව අභිවෘද්ධිය සැලසේවා! Ratana Sutta : Listen to this Pirith Chanting daily so that you do not have any fear of Corona Virus (Covid 19) Background Story The city of Vesali was afflicted by a famine, causing death, especially to the poor folks. Due to the presence of decaying corpses the evil spirits began to haunt the city; this was followed by a pestilence. Plagued by these three fears of famine, non-human beings and pestilence, the citizens sought the help of the Buddha who was then living at Rajagaha. Followed by a large number of monks including the Venerable Ananda, his attendant disciple, the Buddha came to the city of Vesali. With the arrival of the Buddha, there were torrential rains which swept away the putrefying corpses. The atmosphere became purified, the city was clean. Thereupon the Buddha delivered this Discourse on the Jewels (Ratana Sutta) to the Venerable Ananda, and gave him instructions as to how he should tour the city with the Licchavi citizens reciting the discourse as a mark of protection to the people of Vesali. The Venerable Ananda followed the instructions, and sprinkled the sanctified water from the Buddha’s own alms bowl. As a consequence, the evil spirits were exorcised, the pestilence subsided. Thereafer the Venerable Ananda returned with the citizens of Vesali to the Public Hall where the Buddha and his disciples had assembled awaiting his arrival. There the Buddha recited the same Discourse on the Jewels to the gathering. #rathana #suthraya #rathanasutta #රතනසූත්‍රය108 #rathanasuthraya

Comments