У нас вы можете посмотреть бесплатно යශෝදරණිය | Yashodaraniya | Kavi Bana или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
සංවේදී කවි බණ | Sanwedi Kavi Bana යශෝදරණිය | ලුණුගල්ලේ අමිත හිමි Yashodaraniya|Lunugalle Amitha Thero .....යසෝරාවය.... රාහුල පුන්චි පුතු ඉපදුන දිනේ එදා හීතල යහනේ උන්නා දරු සෙනෙහෙ පුදා මාගත වේදනාවට උන් නමුදු නිදා ආදර ස්වාමිනි ඇයි කලෙ කදුලු උදා කුස තුල වැඩෙන අපෙ රන් කද වඩින තුරා යස ඉසුරින් කලා උවටැන් හදින් නුරා රස පිරි කැදැල්ලක දරු පෙම් රැහන ඉරා ඇස ල පුරා සද ගොම්මන් රැයක් කරා .........සුන්දර ඇසල පෝදා.. පින්බර රහල් පුතු ලබා..නන් සිරෙන් බැබලුනද සුදෝවුන් මාලිගයම එදා..මහා අභිනික්මන් කල සේක සිදුහත් කුමරානෝ ආදරනීය ..යශෝදරාවන්ද පුන්චි රහල් පුතුන්වද හැර දමා මේ එදා තනිවූ යසෝරාවයයි.... දරු සෙනෙහස පිරුනු ඔය හද මඩල ගැන කව් රුත් නොමැත දන්නා මා තරම් වෙන ලෝසත දුකින් මුදවන මග ගන්න දැන ගිය ඔය ගමන ඉවසමි දුක් උනත් මොන සසරින් සසර ආවෙ බුදු පදවි පතා වින්දය දුක් ගැහට පවසනු නොහැකි ඉතා නොගියේ මන්ද එක වදනක් නොකර කතා නින්දේ ඇතිතුරේ මා හා රහල් පුතා සියලුම සැප දමා විදි රජ මැදුර තුල මැදියම පිට වෙලා නිවමින් මහද සිල රාහුල පුතුගෙ හුරතල් මුව සිබින කල පෙනුනා මැවි මැවී සිදුහත් ගොයුම් මල ඔබ නැති මොහොත දැනෙනා දුක් රිදුම් මහා යටපත් වේය බැලුවම පොඩි රාහල් දිහා ඉන්නම් කෙලෙස හෝ අප පන පුතුන් සහා ලොව්තුරු පදවි නුදුරේම හිමි වන්න අහා නුබ යම් දුකක් විදිනවනම් රුදුරු කැලේ ඒ දුක උරුම වේවා මට සෑම වෙලේ දුක සැප දෙකම විද ගන්නයි ප්‍රේම කලේ නුබ හැර නොමැත අන් සැපතක් මහද විලේ සුසිනිදු පා කමල් යුග සී රුනාවද සිදුහත් හිමි කයෙන් රුහිරය ගලාවිද හිම ගිරි අරණ රජ මැදුරක් උනාවද පුතුවත් මාව අමතක වී ගියාවද ...සිදුහත් කුමරානෝ නොයේක ලෙසින් සිරුරට දුක් දෙන බැව් දැන ඈද සියල් සැප අත් හරිමින් කටුකව ජීවත් වන්නට පටන්ගත්තා...ස්වාමිභක්තියත්..අසීමාන්තික ස්නේහයත් වචනයෙන් කීමට බෑ පිංවතුනි.... වන දුර්ගයේ ඇති සත්වයො වී යාලූ තනිකම මැකීලා පහවී යනු පාලූ නැතුවත් ගතින් සිත ඔබවම විම සාලූ හිස මුඩු කරල හිමි කහවත් දරලාලූ කුමටද මටත් එහෙනම් මේ කෙහෙ රැල්ල ඔබ පතනා ලොවයි මෙමටත් සැන සිල්ල දිගු කෙස් කලඹ දුන් රූ සිරි ගැල පිල්ල සිදලමි මමත් කම් නැත මතු සැල කිල්ල කටුවැතිරියෙ සැතපේ හිමි දැනන් ඇය බිම වැතිරුනා හැරදා සුව යහන ඇය කහවත් දරන වග තම හිමි දැනන් ඇය සුසිනිදු සලු ලිහා හණ සලු දැරිය ඇය වේලෙන් දෙකෙන් කුස ගින්දර ඇයද නිවා ආදර පුතුන්වත් හැදුවා කිරිද පොවා වැන්දබු ලෙසේ මාලිගයෙහි කාලෙ ගෙවා වින්දා රුදුරු දිවියක් කිව නොහැකි පවා සැමියෙකු නාමයෙන් සසරෙහි එකම සිත දැරු පති වන්තියක් අන් තුන් ලොවේ නැත උත්තම යශෝදර ගුණ කද මෙමිහි මත ඉර හද ඇතිතුරා නිම් නද දෙමින් ඇත ආවා දුක සැපේ පාය පුන් සදවී නෑ ඒ වැනි පෙමක් හමුවී ලොව තෙදවී පාරමි දහම් දුන් සපුරා පින් ලදවී ඈ හින්දාම ඉක්මන් විය බුදු පදවී ....ලොව උත්තරීතරම ස්වාමිදියනිය සේම...ආදරවන්තියද වූ පින්බර යශෝදරාවය සිහි කර කර වන්දනාමනකරන හදවතක් පවා මහා පුන්න්යවන්ත වන්නේය... ඈ පිලිබදව ගෙන ආ මේ කාව්‍ය සංග්‍රහය සුගායනය කරනු ලැබුවේ .. පූජ්‍යපාද................ පිටපත රචනය =බිංගිරියේ සංජීව කිවිදුන් බුදු ගුණ දෙමාපිය ගුණ සේ යසෝ ගැන කීවත් කොතෙක් නිම්මා කල නොහැක ගුණ ඒ අපමනවු තේජස ලග ගසා දන නැමැදිය හැකි කෙනෙකු වේනම් එයයි පින #kavibana #lunugalleamithatherokavibana #abathelpahanpuja #sethkavi #bodipujakavi #mawpiyawandana #yugasanakavibana #thaththakavibana #budubana #dharmadeshana #sithaniwana